පැය 10ක ජල කප්පාදුව - එම ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..
Water Cut
Water Board
Water
By krishani
හෙට (10) දින නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ පෙරවරු 10 සිට එදින රාත්‍රී 08 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.
ඒ අනුව ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |