අද දින ජල සැපයුම අත්හිටුවීමක් - එය සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..

Colombo Water Cut
By krishani Jul 30, 2022 03:37 AM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී සිට පැය 11ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 09.00 සිට හෙට (31) පෙරවරු 08.00 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකරන බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ කොළඹ, 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාල කෙරෙන අතර මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join