කොළඹ ප්‍රදේශ 13කට පැය 14ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැන ගන්න.

Colombo Water Cut Water Board Water
By Aruna Jul 14, 2023 12:37 AM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(15) දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා සෙනසුරාදා පෙරවරු 8.00 සිට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ.

මෙහිදී, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ, සෙනසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇති හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි.