ජල බිල ඉහල දැමීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Sri Lanka Government Of Sri Lanka Water Board Water
By Aruna Jul 27, 2023 05:15 AM GMT
Report

අගෝස්තු මස මුල සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් ජල බිල්පත් ඉහළ දැමීමට සූදානම් බව වාර්තා වන අතර ජල බිල්පත් ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වසන්ත ඉලංගසිංහ මහතා සඳහන් කර සිටිනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත් අගෝස්තු මස මුල සිට මෙම වැඩිවීම ක්‍රියාත්මක වන අතර කෙසේ වෙතත්, මේ වන විට එම බිල් වැඩි කිරීමේ නිශ්චිත ප්‍රතිශතයක් තීරණය කර නැති බවට වාර්තා වන්නේ.