රසම රස වටලප්පම් ගෙදරදිම හදාගමු..
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Subodha
අපි රාමසාන් එකට අපේ මුස්ලිම් යාළුවා දෙන වටලප්පම කන්න ආසාවෙන් බලන් ඉන්නවා නේද? එදා වගේම අදත් වැඩිහිටි පොඩිහිටි ඔය කවුරුත් ආස Dessert එකක් තමයි වටලප්පන් කියන්නේ.ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද රසම රස වටලප්පන් එකක් හදා ගන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර 10 ක්
- හකුරු 500g
- පොල් 2
- එනසාල් ටිකක්
- අවශ්‍ය නම් කජු මද
- කරාබුනැටි අනුව
- සාදික්කා රහට අනුව
- ලුණු රස අනුව
සාදන ලද ක්‍රමය
- පොල් ගෙඩි 2 ගාගෙන ඉතා උකු පොල් කිරි කෝප්ප තුනක් පමණක් සකසා ගන්න.
- බිත්තර ටික ගසා පැත්තකින් තබන්න.
- හකුරු ටික කුඩා කැබලි වලට කපා ගෙන ලිප තබා හැඳි ගාමින් හොඳින් උනු කර ගන්න.
- දැන් සුවඳ කුඩු, ලුණු කවලම් කරන්න.
- දැන් ලිපෙන් බා හොදින් නිවෙන්න තියන්න.
- හොඳටම නිවුණු පසු පොල් කිරි එකතු කර හොදට කවලම් කර පෙරා ගන්න.
- පසුව පෙරා ගත් මිශ්‍රණයට පෙර ගසා ගත් බිත්තර එකතු කර කවලම් කරන්න.
- දැන් බාජනයකට දමා ඇතුලට වතුර නොයන ලෙස හොදින් ආවරණය කර තැටියේ මට්ටමට වඩා අඩු මට්ටමකට වතුර දමා හුමාලයෙන් තම්බ ගන්න.
- ඊටපස්සේ වටලප්පම උඩට කජු එකතු කර ගන්න.
- ඔයාලට දැන් මේක උණුවෙන් කන්නත් පුළුවන් නැත්තන් fridge එකේ තියලා cool එකෙන් කන්නත් පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |