වසන්ත මුදලිගේ සම්බන්ධව අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!
Sri Lanka
Supreme Court of Sri Lanka
Sri Lanka Magistrate Court
By Sewvandhi
කොළඹ මහාධිකරණය විසින්, අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමකට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස දුන් තීන්දුව සම්බන්ධයෙනි.
අදාල පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට නියෝග කළේය මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන අගෝස්තු මස 4 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.