වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්..!

Sri Lanka
By Sewvandhi Dec 13, 2022 08:22 AM GMT
Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now