පුද්ගලයෙක් එල්ලිලා මැරුණද ඝාතනය කළාද යන්න හොයන්නේ කොහොමද?
අපරාධ විද්‍යාව කියන්නේ හැමදාමත් කියනවා වගේ, සාධාරණ වෙනුවෙන් බිහි වූ විද්‍යාවක්.සාමාන්‍යයෙන් දිනකට කොහේ හෝ මරණයක් අහන්න, දකින්න ලැබෙනවා. එක්කෝ සියදිවි නසාගෙන, එහෙමත් නැත්නම් ඝාතනයක්. සමහර මරණ තියෙනවා එය සියදිවි හානි කරගැනීමක්ද? ඝාතනයක්ද කියලා හිතාගන්න බැරි. ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි අපිට අපරාධ විද්‍යාවේ පිහිට පතන්න වෙන්නේ. මේ කියන්න යන්නෙත් ඒ වගේ නොවිසඳෙන අභිරහස් විසඳන අපරාධ විද්‍යාවේ සැඟවුණු පුංචි tips ටිකක් ගැනයි.
පුද්ගලයෙකු එල්ලා මැරුණේද ඝාතනය කළාද ? යන්න හොයන්නේ කොහොමද?
?️ මෙයට සම්බන්ධ වන්නේ උගුරු දණ්ඩේ ඇති කාටිලේජ 9න් එකකි.
?️ එය පිහිටා ඇත්තේ උගුරු දණ්ඩේ පහළින්ම වන අතර නමින් එය "තයිරොයිඩ් කාටිලෙජය".මෙය" U "හැඩයක් ගන්නා අතර "වයියාභ"නොහොත් "කණ්ටක නමින් ද හඳුන්වනවා .
?️ පිරිමින්ගේ මෙය දික්ව පිහිටන අතර ඉදිරියට නෙරීමක් දැකිය හැකියි.
?️ කාන්තාවන්ගේ මෙය නෙරීමක් ආකාරයෙන් දැකිය නොහැක්කේ සාපේක්ෂව කෙටි බැවින් .
?️ එල්ලී මිය යාමකදී මෙය බිඳෙන්නේ නැත.
?️ ඒ නිසා මෙය බිඳීමක් දකින්න ලැබෙන්නේ ගෙල පෑගීමක් හෝ මිරිකීමක් තුලින්ම පමණි.
හිස් කබලේ සාක්ෂි සෙවීම
? පුළුස්සා මරා දැමීමකදී හෝ සෑහෙන කලක් සිරුර සොයා ගැනීමට නොහැකි වූ කලක හෝ වෙනයම් හේතුවක් නිසා හිස් කබල පමණක් සාක්ෂි වශයෙන් තිබියදී එතුලින් ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ සෙවිය හැක්කේ නළලත් නාසයත් අතර ඇති ඉඩ ප්‍රමාණයෙනි.
? එය කාන්තාවකගේ වක්‍ර වන අතර පිරිමියකුගේ කෝණාකාර වේ.
? එමෙන්ම කාන්තා හිස් කබල සැහැල්ලුය.නළල ද ඉදිරියට නෙරා ඇත.එමෙන්ම නිකට ප්‍රදේශයේ ද වෙනස්කම් පවතියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |