හෙද නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
Ministry of Health Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
Nurse
By R.rishma
හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසමින් කූඨ ලෙස මුදල් අයකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දෙන්නේ එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත්, හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු කරනු ලබන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අදාළ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පමණක් බවත්ය.
අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත ඉල්ලීමකින් තොරව කිසිදු පුද්ගලයෙකුට හෝ පාර්ශ්වයකට පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, මෙවැනි වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් වහාම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.