සුපිරි ක්‍රීඩක වනිඳුව ආබාධ සමග වතුරේ දුවවලා..ලෝක කුසලානයට කලින් සිදුවුයේ කුමක්ද..?

Manusha Nanayakkara Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By Sewvandhi Dec 05, 2023 03:51 PM GMT
Report

විදේශ රැකියා හා කම්කරු ඇමති මනුෂ නානායක්කාර මහතා සඳහන් අනාවරණය කරන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරඟාවලිය ආරම්භයේ වතුරේ දුවන්නට සලස්වා ඇති බවයි.

ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ, මෙවන් කටයුත්තක් කිරීම්ට පුහුණුකරුවන්ට තිබූ අවශ්‍යතාවය කුමක්දැයි කියාය.

ඔහු චෝදනා කළේ, පුහුණුකරුවන් සැමවිටම ශාරීරික යෝග්‍යතාවය මිස කුසලතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා නැති බවයි.

සුපිරි ක්‍රීඩක වනිඳුව ආබාධ සමග වතුරේ දුවවලා..ලෝක කුසලානයට කලින් සිදුවුයේ කුමක්ද..? | Wanindu Is Running In The Water With Injuries

ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදීම මෙරට ප්‍රධාන ක්‍රීඩකයන් පස් දෙනෙකුට ආබාධයන්ට ලක් වීම සැලකිය යුතු කරුණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමේ දී මෙම තොරතුරු හෙළි වූ බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.