හැමෝම කතාවෙන ඊයේ වනිදු සහ චාමික අතර සිදුවුණේ මොකක්ද.. වනිදු යළිත් විවෙව්චනයට...

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Chamika Karunaratne LPL 2024
By Sithumini Jul 07, 2024 07:49 AM GMT
Report

හැමෝම කතාවෙන ඊයේ වනිදු සහ චාමික අතර සිදුවුණේ මොකක්ද.. වනිදු යළිත් විවෙව්චනයට...

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවැත්වුණා.

එහිදි කාගෙත් අවධානයට ලක්වුණු සිදුවීම් දෙකක් වාර්තා වුණා.

ඉන් එකක් වන්නේ ලකුණු හඹා යෑමට ඔඉටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ හත්වෙනි පන්දු වාරයේෆ්හි මොහොමඩ් හරිස් එල්ල කළ පහරක් චාමික කරුණාරත්න විශිෂ්ඨ ලෙස රැක ගත්තා.

මෙය ක්‍රීඩාලෝලීම්ගේ දැඩි කතාබහට ලක්වුණු විශිෂ්ඨතම පහරක්.

එහෙත් චාමික රැකගත් මෙම සුපිරි උඩ පන්දුව තෙවැනි විනිසුරු තීරණය කළේ දැවී යාමක් නොවන බවයි. එමෙන්ම එම තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ජය හිමි කරගත්තා.

තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් අතට අත දීමෙදි කැන්ඩි නායක වනිදු හසරංග චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබුණා.

අදාල සිදුවීම කාගෙත් අවදානයට ලක්වූ අතර වනිදු යළිත් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්වුණා. එමෙන්ම ඒ සිදුවීමත් සමග ඊයේ වනිදු හසරංග අඩු ලකුණු සංක්‍යාවකට දැවීයාමත් විශාල කතා බහකට ලක්වුණා.