"මම දන්නවා මම මොනදවද කරලා තියෙන්නේ කියලා.." - වනිදුගේ පාපොච්චාරණය.
තමාට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව කැන්ඩි නායක වනිඳු හසරංග සඳහන් කළේය.
ඊයේ (15) කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පසු පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.
"අපහසු කාල ඕනම ක්‍රීඩකයෙක්ට සහ ඕනම මනුස්සයෙක්ට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. මම ඒවට හිමින් හිමින් මුහුණ දෙනවා. මම දන්නවා මට මොනවද කරන්න පුළුවන් කියලා. මම දන්නවා මම මොනදවද කරලා තියෙන්නේ තියෙන එක. ක්‍රීඩකයෙක් විදිහට පිටින් එන අභියෝග මගේ ක්‍රීඩාවට බාධාවක් කරගන්නේ නැතුව මම ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ මම කරනවා. මම ගිය වසරේ තරගාවලියේ වීරයා වුණා. මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි. අන්තිම තරගයේදී දක්ෂතා දක්වපු එක ගැන සතුටුයි. ඉදිරි තරගාවලි සඳහා මේක වැදගත් වෙනවා."
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) රාත්‍රියේ පැවති තරගයෙන් ජයගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි.
ඒ ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 138ක් පමණි.
ගෝල් කණ්ඩායම වෙනුවෙන් ටිම් සයිෆර්ට් ලකුණු 44ක් රැස්කළේය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 20කට දවාගත් කඩුළු සංඛ්‍යාව 4කි.
ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
එහිදී මොහොමඩ් වසීම් පන්දු 44කදී ලකුණු 50ක් රැස්කර ගත්තේය.
මේ අතර ඊයේ සවස පැවති තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් ලැබීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණි.