වනිඳු හසරංගට ජාත්‍යන්තර දඩයක්..ලක්ෂ ගානක් ගෙවන්න වෙයි..
ඉන්දීය ප්රමුඛ පෙළ තරගාවලියේ රාජස්ථාන රෝයල් කණ්ඩායම සමග පැවැති තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා.
එම කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගටද කණ්ඩායම් නායකයා ට අමතරව සෙසු සාමාජිකයන්ට නියම කළ ඉන්දීය රුපියල් ලක්ෂ 06ක දඩය හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩය ගෙවීමට ද සිදු වනු ඇත.
එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විසි හතරක් පමණ වනවා.
කණ්ඩායමේ එම තරගයේ නායකයා ලෙස කටයුතු කල විරාත් කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් පනවා ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 94ක් පමණය.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජුලි 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට ඉඩ ඇති විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන විදෙස් ක්‍රීඩකයින් පහතින්,
බටහිර ඉන්දීය කොදෙව් - ඩ්වේන් බ්රාවෝ, කයිරොන් පොලාඩ්, ජොන්සන් චාල්ස් සහ ඈශ්ලි නර්ස්
නවසීලන්තය - මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටීම් සීෆට්, දැරිල් මිචෙල් සහ ඩග් බ්‍රේස්වල්
අයර්ලන්තය - පෝල් ස්ටර්ලින්
නැමීබියාව - ජෙරාඩ් එරස්මස්
බංග්ලාදේශය - ශකීබ් අල් හසන්, ලිටන් දාස් සහ අෆීෆ් හොසේන්
පාකිස්තානය - මොහොමඩ් නවාස්, නෂීම් ෂා සහ වහබ් රියාස්
දකුණු අප්‍රිකාව - ලුන්ගි එන්ගිඩි, ඉම්රාන් තාහීර් සහ තබ්රෙයිස් ශම්සි
ඔස්ට්‍රේලියාව - ෂෝන් මාර්ෂ්, මැතිව් වේඩ්, ඩාසි ෂෝර්ට් සහ උස්මාන් ක්වාජා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 5ක් එක්වීමට නියමිතය.
ගාල්ල, දඹුල්ල, ජැෆ්නා,කොළඹ සහ නුවර කණ්ඩායම් සහභාගීත්වයෙන් එම තරගාවලිය කොළඹ සහ නුවර ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |