ICC T20 කණ්ඩායම් සදහා ශ්‍රී ලංකාවෙන් වනිදු සහ ඉනෝකා නම් කෙරේ

By Sithumi Jan 23, 2023 02:14 PM GMT
Report

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසර සදහා තෝරා ගැණුනු වසරේ විස්සයි විස්ස පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.  

වසරේ විස්සයි විස්ස පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග තෝරාගෙන ඇති අතර වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර තෝරාගෙන තිබෙනවා.

වසරේ විස්සයි විස්ස පිරිමි කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝස් බට්ලර්, ඉන්දීය ක්‍රීඩකයන් තුන් දෙනෙකු එම කණ්ඩායමට නම් කර තිබෙනවා. විරාත් කෝලි, සූර්යකුමාර් යාදෙව් සහ  හර්දික් පාණ්ඩියා එම ක්‍රීඩකයින් තිදෙනායි.

  මොහොමඩ් රිස්වාන් සහ හැරිස් රාවුෆ් යන පකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනාද එම කණ්ඩායමට ඇතුළත් වන අතර ග්ලේන් ෆිලිප්ස්, සිකන්දර් රාසා, සෑම් කරන් සහ ජෝෂ් ලිට්ල් වසරේ විස්සයි විස්ස පිරිමි කණ්ඩායමට නම් කළ සෙසු ක්‍රීඩකයින් වනවා.