මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා තෝරන නමදෙනාගේ ලැයිස්තුවට වනිඳුගේ නමත් - ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..

Cricket Sri Lanka Wanindu Hasaranga T20 World Cup 2022
By Sithumi Nov 11, 2022 11:53 AM GMT
Report

මෙවර ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ගේ නමත් ඇතුළත් වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩකයින් 09 දෙනෙකු නිර්දේශිත නාම අතරට ඇතුළත් කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ එම ක්‍රීඩකයින් වෙත සිය මනාපය පළ කිරීමේ අවස්ථාව අද (11) සිට ප්‍රේක්ෂකයින් වෙත ලබාදී ඇති බව සඳහන්ය.

වනිඳු හසරංගට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් වන ජොෂ් බට්ලර්, ඇලෙක්ස් හේල්ස් සහ සෑම් කරන්, ඉන්දීය ක්‍රීඩකයින් වන විරාත් කෝලි හා සූර්යකුමාර් යාදව්, පාකිස්තාන ක්‍රීඩකයින් වන ශඩාබ් ඛාන් හා ෂහීන් අෆ්රිඩි මෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශ වී තිබේ.

ICC පන්දුවාර 20යි 20 පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now