ශ්‍රී ලංකා පිලට ලොකුම තුරුම්පුව වූ වනිඳු සහ ධනංජය අහිමි වෙයි.
ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව වන වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා.
නිමාවට පත් වූ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයේදී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හමුවේ වනිඳුට මෙම තරගාවලිය අහිමි වී ඇත.
කෙසේ නමුත් ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වනවිට ඔහුගේ ආබාධයන් සම්පූර්ණයෙන් සුව අතට හැරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව පිය පදවිය ලැබීම හේතුවෙන් ධනංජය ද සිල්වාත්, මෙම තරගාවලියෙන් ඉවත් වීමට ක්‍රිකට් ආයතනයෙන් මීට දිනකට ඉහතදී ඉල්ලා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
දෙරට අතර පළමු එක්දින තරගය ලබන 16 වැනිදාත්, දෙවැනි තරගය 18 වැනිදාත්, තුන්වැනි තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන එම සෑම තරගයක්ම ප.ව.2.30ට ආරම්භ වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |