සුරතල් සුනඛයෙකු නිසා රන්මාලයක් සහ මුදල් ද සමගින් හමු වූ මුදල් පසුම්බිය.. (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By krishani
මහනුවර - කුලුගම්මන ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයෙකු විසින් මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට රැගෙනවිත් එය ආරක්ෂාකාරිව තබාගැනීම නිසා යළි හිමිකරු වෙත ලබාදීමේ පුවතක් වාර්තා විය.
පසුම්බිය තුළ රුපියල් 5000කට ආසන්න මුදලක් සහ රන් මාලයක් තිබී ඇත.
සුනඛයාගේ හිමිකරු විසින් අලදෙණිය පොලිසියේ ද සහාය ඇතිව පසුම්බිය නැවත එහි හිමිකරුට ලබා දීමට කටයුතු කළේ ය.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel