වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන මරුට

Sri Lanka Police Gun Shooting Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 29, 2026 04:18 AM GMT
Report

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (29) අලුයම වලාන පොලිස් ස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී ඔහු සිය ටී-56 වර්ගයේ රාජකාරි ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බවයි.

බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.