ගෙදරදීම රස බලන්න Waffles රෙසිපි එක මෙන්න.
වොෆල්ස් (waffles) කියන්නේ ලංකාවට ආවේණික ආහාරයක් නොවුණත් අපේ අයත් කන්න ආස කෑමක්. මේවා ලංකාවේ කෑම කඩවල් වල වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇතැම් restaurants වල නම් තියෙනවා. ඉතින් දැන් ඕවා හොයා හොයා ඉන්න බෑනේ. ඒ නිසා ගෙදරදීම හදලා කන්න අද රෙසිපි එක දෙන්නම්.
අවශ්‍ය ද්‍රව්‍ය
🧇 All purpose flour (හලාගත් පිටි) ග්‍රෑම් 225
🧇 බිත්තර සුදූ මද 2 ක්
🧇 බිත්තර කහ මද 2 ක්
🧇 බේකින් පව්ඩර් මේස හැදි 1ක්
🧇 සීනි ග්‍රෑම් 25ක් (ඔබට අවශ්‍ය ගානට එකතු කරගන්න පුළුවන් )
🧇 ලුණු තේ හැදි 1/4ක්
🧇 බටර් මිල්ක් මිලි ලීටර් 310
🧇 තෙල් මිලි ලීටර් 125ක්
සාදාගන්න ආකාරය
භාජන තුනක් ගෙන, එකකට
🧇 සීනි, පිටි සහ බේකින් පව්ඩර්, දාගෙන කවලම් කරගන්න පැත්තකින් තියන්න
අනිත් එකට
🧇 බටර් මිල්ක්, තෙල් සහ බිත්තර කහ මද දෙක දාගෙන කවලම් කරගන්න පැත්තකින් තියන්න.
අනිත් එකට
🧇 බිත්තර සුදු මද 2 ක් දාලා whisk එකෙන් සුදූ පාට වලාකුළු එකක් වගේ වෙනකම් කවලම් කරගන්න. එහෙම නැති නම් බීටර් කරගන්න.
🧇 දැන් පිටි මිශ්‍රණයට බටර් මිල්ක් මිශ්‍රණය දාලා whisk එකෙන් කවලම් කරගන්න කැට නැති වෙන්න.
🧇 ඉන්පසු කවලම් කරගත් බිත්තර සුදූ මද එක දාලා whisk එකෙන් කවලම් කරගන්න.
🧇 දැන් waffle's machine එකේ හෝ ටෝස්ටර් බටර් ටිකක් ගලා මෙය දාගෙන කුක් කරගන්න
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |