වාහන වල යනකොට වමනෙ යනවද..? ඇගට ගොඩක් තෙහෙට්ටුද..? එහෙනම් මේ ක්‍රම දෙක ඔබ අත්හදා බැලිය යුතුමයි..!

By Sewvandhi Apr 05, 2023 06:44 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

ගොඩක් අයට තියෙන ගැටලුවක් බස් වල ටිකක් දුර යනකොට වමනේ යෑම. ඒ සදහා වමනෙ පෙති ගත්තාම නින්ද යන එක තමයි සිදුවෙන්නේ.

අපි ටිකක් වෙනස් වෙමු. ගොඩක් දුරට වමනය යන්නේ නිතර බස් වල යන්නේ නැති අයට. වමනය යන්නේ පිත වැඩි නිසා. වමනය යන අය ඉන්නවා නම් මම අද කියන දේ කරලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ.

  • උදේ පාන්දර බොන්න හොඳ ඇල් වතුර එකක්. තෙල් , පිටි නැතිව කිරට උයපු එළවළුවක් එක්ක හොදට බත් කන්න. උදේට පිටි කිරි, තේ, කහට බොන්න එපා.
  • බස් එකේ ටික දුරක් යන විට වමනය යන්න වගේ එනවා නම් ඇස් දෙක පියා ගන්න. සිංදුවකට හිත යොමු කරන්න. නැති නම් තමන් කැමති දෙයක් ගැන මතක් කරලා හිත වෙන පැත්තකට යවන්න.
  • බස් එකෙන් බැස්ස ගමන් හොඳ සිනි ටිකක් අඩු තේ එකක් බොන්න. පසුව බත්, පාරාට, ඉඳිආප්ප, වගේ දෙයක් කන්න. තෙල් කෑම සෝට්ස් කෑම කන්න එපා.
  • දැන් සම්පූර්ණයෙන්ම දුර යන්න පුළුවන්. නිදාගන්න ඕන නැහැ බස් එකේ විනෝද චාරිකාවක් යනවා නම් ගෙදරින් කෑම හදන් යනවා.
  • දෙහි ගෙඩි ටිකක් මිරිකලා ඉස්මට නිවුන උණු වතුර රස අනුව සිනි ලුණු එකතු කරලා බිමක් හදලා ශිතකරනයේ නැතිව පිරිසි කොප්පයක් විතර බොන්න.
  • ඉතුරු ටික බෝතලයට දාගෙන සැරින් සැරේ බොන්න.

මේ ක්‍රම දෙකම සාර්ථකයි. ඔයා ලත් අත්හදා බලන්න.. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now