ජනප්‍රිය සුරූපී නිලි වොල්ගා කල්පනී කඩවසම් නළු රනිල් කුලසිංහ සමඟින් යුග දිවියට..? ආන්දෝලනාත්මක ජායාරූප පෙළ (PHOTOS)

By Sithumi Nov 24, 2022 02:26 PM GMT
Report

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වන මීනු ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රනිල් කුලසිංහ කියලා කියන්නේ. ඉතින් ඔහුටම ආවේණික වූ පෙනුම සහ අපූරු රංගන කුසලතාවය නිසා කාගේත් අවදානය දිනාගෙන සිටින ඔහු අද වෙද්දී ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. 

 ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේම අධ්‍යක්ෂකවරයකු වීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඉතින් ඒ නිසාම රංගනයෙන් පසු අධ්‍යක්ෂවරයකු වීම මත ඔහු තුළින් රංගන ශිල්පියා මඳකට ඈත්ව ගොස් තිබුනත් දැන් නැවතත් ඔහු රංගනය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. 

 ඉතින් ඒ වගේම මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතය හරහා වගේම මාණික්‍කාවත ටෙලිනාට්‍යයේ ගුණාදරීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. 

 ඉතින් ඇය ජීවිතේ මුල්ම වතාවට කැමරාවක් ඉදිරියට ආවේ ඇය පුංචි කාලෙදිමයි. ඉතින් අද ජනප්‍රිය නිළියක් වුණත් එදා මුලින්ම අතුරු මිතුරු වැඩසටහනේ අත්වැල් ගායනයෙන් එකතු වුණු වොල්ගාගේ ජීවිතේ ඒ කාලයත් හරි සුවිශේෂීයි. ඒ වගේම ඇය නිවේදන ශිල්පිනියක් වගේම හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් පුංචි කාලයේ ඉදන්ම කටයුතු කරනවා. 

 කොහොම නමුත් කඩවසම් නලු රනිල් කුලසිංහ පහුගිය දවසක වොල්ගා කල්පනී එක්ක එකතුවෙලා හරි අපූරු වෙඩින් ෆොටෝශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දෙන්නව මේ තරම් ලස්සනට ප්‍රේමනීය අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහරගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

GalleryGalleryGalleryGallery