හිරු එළියෙන් ලැබෙන විටමින් D ගැන අලුත්ම අනාවරණයක්.
අපි පොඩි කාලේ ඉඳලම අහලා තියෙනවා උදේ හිරු එළියෙන් අපේ සිරුරට අවශ්‍ය විටමින් D ලබාගන්න පුළුවන් කියලා. නමුත් ඔබ දන්නවද? වසර පුරාම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙක් විටමින්-D ඌණතාවයෙන් පෙළෙන බව.
☀️ මෑතකදී සිදු කළ එක් සමීක්ෂණයකට අනුව ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා
☀️ ඒ අනුව අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.
☀️ දකුණු පළාතේ කාන්තාවන් අතර සිදු කළ සමීක්ෂණයකට අනුව ඊට සහභාගී වූ අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා.
☀️ එමෙන්ම වයස 10 -18 අතර පාසැල් සිසුන් අතරත් ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.
හිරු එළියෙන් විටමින් D ලැබෙන්නේ උදෑසන කාලයේ විතරද?
☀️ නවතම සමීක්ෂණයන්ට අනුව උදෑසන පමණක් නෙවෙයි, උදෑසන 10 ත් සවස 3 අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීමෙන් විටමින් D සිරුරට අවශෝෂණය කරගත හැකි බව සොයාගෙන තිබෙනවා.
☀️ ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතුයි.
☀️ මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් පුළුවන්.
අපිට විටමින් D අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි?
☀️ ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වාගැනීමට උපකාරී වීම.
☀️ ශ්වසන රෝග වළක්වාලීමට.
☀️ ශක්තිමත් අස්ථි සඳහා.
☀️ මාංශ පේශි වල මෙන්ම මොළයේ ක්‍රියකාරීත්වයට.
☀️ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට.
හිරු එළියට අමතරව විටමින් D ලබාගන්න පුළුවන් කොහොමද?
☀️ සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව (පීකුදු ) වැනි ආහාර
☀️ විටමින් D අතිරේක ( වෛද්‍ය උපදෙස් මත ලබාගන්න )
සැ. යු. -☀️ යම් සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්‍රමය ඔබට සුදුසු නැහැ. ☀️ ඒ වගේම හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වුණොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න. |
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |