විටමින් C ඖෂධය සම්බන්ධයෙන් මෙරටින් ගත් තීරණයක්.

Sri Lanka
By krishani Sep 05, 2023 04:53 PM GMT
krishani

krishani

in ඖෂධ
Report

විටමින් C ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ය.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  විටමින් C ඖෂධය ගර්භනී මව්වරුන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන ඖෂධයක් බවත් මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් C ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් බවත් ය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ තොරතුරු ඔස්සේ මෙලෙස එම ඖෂධය මෙරට ජනතාව සදහා ලබාදීමට පියවර ගැනෙයි.

එමෙන්ම එම ඖෂධය මෙරට ජනතාව අතර බහුලව භාවිතයට ගැනෙන ඖෂධයක් වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව මෙම ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

එමෙන්ම වාර්ෂිකව විටමින් C ඖෂධ පෙති මිලියන 180 ක් අවශ්‍ය වන බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ මෙරට ඖෂධ නිෂ්පාදනකරුවන් මෙම විටමින් C ඖෂධය නිෂ්පාදනය කරන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ය.

එම පුද්ගලයන්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට පමණක් වෛද්‍ය සැපයීම් අංශයට ඖෂධ තොග ලබාගන්නා බවත් වැඩිපුර මෙම ඖෂධය ගෙන්වා තොග එකතු කර තබා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. 

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කර වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ 850 ක් වැනි ප්‍රමාණයක් සහිත ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර තිබෙනවා.