නැවතත් අත්අඩංගුවට ගත් 'විශ්ව බුද්ධ' ට ලැබුණ අධිකරණ නියෝගය.. (VIDEO)
අද (21) උදෑසන පරිගණක අපරාධ කොට්ඨාශය මගින් 'විශ්ව බුද්ධ' නමැති පුද්ගලයා යළිත් අත්අඩංගුවට ගැණින.
ඒ බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්රියාවන් වල නිරතවීම හේතුවෙන් බවට සඳහන් වේ.
ඒ අනුව ඔහුව යළිත් ජනවාරි මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.
අද පස්වරුවේ 33 හැවිරිදි සැකකරු ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
මීට පෙර ද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණේ ය.
මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.
කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බව ද එම දෙපාර්තමේන්තුව අනාවරණ කළේ ය.
එමෙන්ම, ඔවුන් වැඩිදුරටත් අනාවරණ කළේ මෙම සැකකාර චීවරධාරියා වාහන භාවිත කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවයි.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
Sponsored By Sarrita Jewellery