රටවල් 07කට ගාස්තු අය කිරිමකින් තොරව වීසා නිකුත් කරයි - මෙරටින් ගත් විශේෂ තීරණය මෙන්න.

Japan Sri Lanka visa China India Department of Immigration & Emigration
By krishani Nov 28, 2023 02:27 AM GMT
Report

රටවල් 07කට ගාස්තු අය කිරිමකින් තොරව වීසා නිකුත් කරයි - මෙරටින් ගත් විශේෂ තීරණය මෙන්න. | Visas Issued Free Of Charge To 7 Foreign Countries

ශ්‍රී ලංකාවට විදෙස් රටවල් 7ක පුරවැසියන් පැමිණිමේ දී ඔවුන්ට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එයට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ පසුගිය ඔක්තෝබර් මස 24වැනිදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීවයි.

රටවල් 07කට ගාස්තු අය කිරිමකින් තොරව වීසා නිකුත් කරයි - මෙරටින් ගත් විශේෂ තීරණය මෙන්න. | Visas Issued Free Of Charge To 7 Foreign Countries

ඒ අනුව මෙම වීසා ක්‍රමවේදය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මලයාසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වේ.

තවත් වෛරසයක් හිටිහැටියේම මතු වෙයි - පළමු වරට ආසාදනය වුණ පුද්ගලයෙක් හමු වෙලා..

තවත් වෛරසයක් හිටිහැටියේම මතු වෙයි - පළමු වරට ආසාදනය වුණ පුද්ගලයෙක් හමු වෙලා..

උපුටා ගත් එයට අදාළ කොන්දේසි පහතින් දැක් වේ.

01. මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ සුදුසුකම් ලබති.

02. 2024.03.31 දින දක්වා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට / නිකුත් කිරීමට යටත්ව ඉහත නම් කර ඇති ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතු වේ.

03. මෙම ක්‍රමය යටතේ සංචාරකයන්ට දින 30 ක ගාස්තු රහිත වීසා කාලසීමාවක් භුක්ති විඳිය හැකි අතර දින 30ක් ඇතුළත දී ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන දිනයේ සිට ද්විත්ව ප්‍රවේශ පහසුකම සඳහා අවසර ලබා දෙනු ලැබේ.

04. මෙම ක්‍රමය යටතේ ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා 2024.03.31 දින තෙක් අයදුම් කළ හැක.

05. ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය තවදුරටත් දීර්ඝ කළ නොහැකි අතර එය දින 30 ක කාලසීමාවකට පමණක් සීමා වේ.

පැමිණි දින සිට දින 30 ක කාලසීමාවක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙන මෙම ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියේ කාලසීමාව 2024.03.31 දිනෙන් පසුව අවසන් වනවිට අදාළ ගාස්තු ගෙවීමට යටත්ව වීසා දීර්ඝ කිරීමක් සඳහා අයදුම් කළ හැක.

06. මෙම සුවිශේෂී ගාස්තු රහිත වීසා ක්‍රමය ඉහත නම් කරන ලද රටවල් හත සඳහා අදාළ වන අතර අනෙක් රටවලට ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියට අදාළ වන සාමාන්‍ය නීති, රෙගුලාසි අනුගමනය කළ යුතු බව කරුණාවෙන් සළකන්න.


උපුටා ගැනීම අවසන් ය.

ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා ලංකාවේ වෙන මේ දේ ගැන දන්නවා ද?.

ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා ලංකාවේ වෙන මේ දේ ගැන දන්නවා ද?.