වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතය හදිසියේම තහනම් කළ හැටි මෙන්න..

Ukraine Russian Visa card Master card
By Aruna Mar 06, 2022 06:00 AM GMT
Report

වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතය රුසියාව තුළ අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව රුසියානු බැංකු විසින් නිකුත් කර ඇති වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමට කාඩ්පත් හිමියන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

වීසා හි ප්‍රධාන විධායක නිලධාරී අල් කෙලී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රුසියාව ප්‍රකෝපකාරී ලෙස යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි සිදුවීමක් හේතුවෙන් මෙලෙස ක්‍රියා කිරීමට සිදු වූ බවයි.”

මේ අතර ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව රුසියාවට සහ බෙලරුස් රාජ්‍යය‍ට අදාළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා .

රුසියාවට සහ බෙලරුස් රාජ්‍යයට ‍එරෙහි බටහිර සම්බාධක හේතුවෙන් මතුවිය හැකි ගැටලු පිළිබද තක්සේරුවකින් පසු එම බැංකුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියානු මූල්‍ය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසකට එරෙහිව මේ වනවටත් ලෝක මට්ටමින් සම්බාධක රැසක් පනවා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now