"...අම්මා කාමරේ ඇතුළේ නටලා කෑ ගහන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැරි තරම් අපේ දුව පුංචි වුණත්.. ඔයා නම් පුදුමාකාර මනුස්සයෙක්..” - කෝලීගේ විශ්මිත පිතිහරඹය වෙනුවෙන්, අනුෂ්කා තැබූ දීර්ඝ සටහන..

Virat Kohli Cricket
By Sithumi Oct 23, 2022 05:57 PM GMT
Report

අද බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණු ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් ගැටුමින් ජය කෙහෙළි නංවන්න ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුණා. ලකුණු සියයේ සීමාව ආසන්නයට ගිය කෝලීත් එහිදී සුපිරි පිතිහරඹයක නියැලුණා ඔබ දකින්නත් ඇති..

කෝලීගේ මේ පිතිහරඹය දිහාත්, ඔහුගේ ජයග්‍රහණය දිහාත් අපි විතරක්ම නෙවෙයි, තව කෙනෙකුත් බලන් හිටියා. ඒ කෝලීගේ ජීවිතේ... අනුෂ්කා ෂර්මා..

අනුෂ්කා ඒ ආදරණීය මොහොත ගැන ඉන්ස්ටග්රෑම් එකට ආදරණීය සටහනකුත් එක් කර තිබුණා.

ඔබ සුන්දරයි !! මේ ඔබේ අපූරු සුන්දරත්වයයි !! ඔබ අද මේ රාත්‍රියේ ප්‍රේක්ෂකයින්ට ලොකු සතුටක් ගෙන ඇවිත්, එය ද දීවාලි උත්සවයට ආසන්නම දිනක! ඔබ පුදුමාකාර පුදුම මිනිසෙක් මගේ ආදරවන්තයෝ. ඔබේ දයාව, අධිෂ්ඨානය සහ විශ්වාසය මාව ප්‍රබෝධමත් කරනවා. !!!

මට කියන්න පුළුවන් මගේ ජීවිතයේ හොඳම තරගය දැන් බැලුවා, අම්මා කාමරේ ඇතුලේ නටලා කෑ ගහන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැරි තරම් අපේ දුව පුංචි වුණත් දවසක තේරෙයි එයාගේ තාත්තා එදා රෑ හොඳම ඉනිම ක්‍රීඩා කළේ කියලා කියලා..

ඒ තාත්තට දුෂ්කර වූ අවධියකට පසුව, නමුත් තාත්තා වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව හා ප්‍රඥාවන්තව එයින් පිටතට පැමිණි බව ඇය දැන ගනීවි..! ඔයා ගැන ගොඩක් ආඩම්බරයි !! අනුෂ්කා ෂර්මා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now