අලුත්ම ශ්‍රේණිගත කිරීම් වලින් විරාට් කෝලීට ලැබුණු තැන..

Virat Kohli Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Jan 13, 2023 02:37 PM GMT
Report

අයි.සී.සී. එක්දින පිතිකරු ශ්‍රේණි ගත කිරීමේ ලැයිස්තුවේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වනවිට එම ලැයිස්තුවේ හයවන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරගයේ දී ඔහු ශතකයක් රැස් කළ අතර, ඒ සමඟයි එම ලැයිස්තුවේ සිටි ජොනි බෙයාර්ස්ටෝ සහ ස්ටීවන් ස්මිත් පසු කරමින් ඔහු 6 වන ස්ථානයට පැමිණ ඇත්තේ.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ පාකිස්ථානයේ බාබර් අසාම්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now