"මගේ පළවෙනි ලව් එක 9 වසරෙ, එයා මට බූට් එකක් දීලා මට බ්‍රෝකර් කරපු කොල්ලා එක්ක යාලු වුනා" - සුද්දා (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Nov 16, 2022 04:05 PM GMT
Report

ඉතාමත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙලි නාට්‍යයක් විදියට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. මේ වන විට එම ටෙලිනාට්‍යය විකාශය වෙලා අවසන් වුනත් තවම ප්‍රේක්ෂකයාගේ මතකයෙන් එය ඉවත් වෙලා නෑ. ඒ තරමටම අපේ ආදරණීය රසිකයන් ප්‍රමාණයක් මේ ටෙලිනාට්‍යය සමගින් එකතු වෙලා ඉන්නවා.

මෙම ටෙලිනාට්‍යයේ හැම චරිතයක්ම එක හා සමානව ජනප්‍රිය වුනා. ඒ වගේම ඒ හැම චරිතයකටම අපේ මිනිස්සු ආදරය කරනවා. ඒ අතරින් සරා, කවඩියා, සුද්දා, කිරිපුතා, මාලන් කියන චරිත ටිකට අපේ ගොඩක් තරුණයෝ සහ තරුණියෝ ආදරෙයි. ඉතින් මෙම ටෙලිනාට්‍යයේ සුද්දා විදියට අපි අතරට ආව ඒ කඩවසම් නලුවා තමයි විරාජ් ධනූෂ කියන්නේ.

කඩවසම් තාරුණයට හිමිකම් කියන විරාජ් මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයට පිවිසිලා හිටියත් ඔහුව හැමෝම දැන ගන්නේ නාඩගම්කාරයෝ හරහා. මීට ප්‍රථම ඔහු මුලින්ම් රංගනය කරන්නේ ‘A ලෙවල්’ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයට විරාජ්ට අවස්ථාව ලැබෙන්නේ පාසලේ තියෙන ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සමත් වෙලා. ඒ විදියට රංගනයට දක්ෂ විරාජ් නර්තනයත් හොදින්ම හදාරලා තියෙන කෙනෙක්. ඔහු උඩරට නර්තනය ඉගෙන ගෙන තියෙනවා. ඉතින් කලා ජිවිතය මේ විදිටට බලනකොට ඔහුගේ පාසල් කාලයේ තිබුණු ප්‍රේම සබදතා ගැන විරාජ් මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම ලව් වලින් ගොඩක් බූට් තමයි කෑවේ. ඒ හැම ලව් එකකම අමතක නොවන සිද්ධි තියෙනවා. මගේ පළවෙනි ලව් එක 9 වසරෙදි. ඒ කාලෙදි ආදරේ කියන එක තේරෙන්නෙත් නෑ. රුපියල් 60 කී ටැග් එක ගන්න ගොඩක් දුර පයින් යනවා. එයා වෙන ස්කූල් බස් එකක. මම තව ස්කූල් බස් එකක යන්නේ. කොහොමහරි ලියුම් දෙන්න බ්‍රෝකර් කලා මට වෙන කොල්ලෙ. ඊට පස්සේ ඕ ලෙවල් ලියන්න මාස කීපයක් තියෙද්දි ඒ කෙල්ල මට බ්‍රෝකර් කරපු කොල්ලා එක්ක යාලු වුණා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGallery