විමල් වීරවංශගේ නඩුවට මොකද වුනේ?.

Sri Lanka Politician Wimal Weerawansa Sri Lanka
By krishani Oct 27, 2023 03:13 PM GMT
Report

අද (27) විමල් වීරවංශ මහතාගේ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

ඒ රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයයි.

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.

ඒ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වන අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ එය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය කල් තැබීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.