නව ආණ්ඩුව ගැන විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Ranil Wickremesinghe
Sri Lanka Politician
Wimal Weerawansa
Sri Lanka Economic Crisis
Sri Lankan political crisis
By Sithumi
ජනතාවගේ ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවෙනුත් විසඳුම් ලැබෙන පාටක් පෙනෙන්නට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
අඩු තරමින් මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරන බවක් හෝ පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වූ විට විදේශයන් පෝලිමේ ඇවිත් උදව් කරාවි යැයි බොහෝ දෙනෙකු සිතුවත් අද එය එසේ සිදුවී නැතැයි පැවසූ වීරවංශ මහතා ජනතාව දිනෙන් දිනම විශාල ගැටලු ගොඩක හිර වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |