උග්‍ර විෂ සහිත සත්ව විශේෂයක් මෙරට ගම්මාන ආක්‍රමණය කරයි - වහාම දැනුවත්වන්න..!

By Sewvandhi Feb 12, 2024 06:10 AM GMT
Report

ඌව පරණගම බඹරපාන, කන්දේකුඹුර, හළාඹ ඇතුළු ගම්මාන කිහිපයක ගම්වැසියන් උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් හේතුවෙන් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් පෙන්වාදෙන්නේ, මෙම කුහුඹු විශේෂයේ දෂ්ඨ කිරීම් හේතුවෙන් චර්ම රෝග පවා හටගන්නා බවය.

ගම්මිරිස්, පොල්, පුවක් වැනි ශාකවල රංචු වශයෙන් 'කොඩයා' නමින් හඳුන්වන මෙම කුහුඹු විශේෂ ජීවත් වන බවයි වාර්තා වන්නේ.

මෙම කුහුඹු විශේෂය වසංගතයක් තෙක් වර්ධනය වීමට ප්‍රථම එය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.