අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට වියට්නාමයෙන් දැඩි තීරණයක්

Vietnam Social Media Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 24, 2026 10:53 AM GMT
Report

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස සීමා කිරීමට වියට්නාම රජය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යෝජිත නව නීති අනුව, වයස අවුරුදු 16ට අඩු බාල වයස්කරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අදහස් පළ කිරීම (Posting) සහ ප්‍රතිචාර දැක්වීම (Commenting) සීමා කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම, මෙම වයස් කාණ්ඩයට අයත් දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීමේදී දෙමාපියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ තොරතුරු ලබාදීම අනිවාර්ය කිරීමටද යෝජනා කර ඇත.

බාල වයස්කරුවන් සමාජ මාධ්‍ය භාවිතයට අධික ලෙස ඇබ්බැහි වීම සහ එමගින් ඇතිවිය හැකි මානසික හා සමාජීය බලපෑම් අවම කිරීම මෙවැනි නීති හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලොව පුරා රටවල් රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වයස් සීමා සහ නව නියාමන ක්‍රියාමාර්ග හඳුන්වාදෙමින් සිටී.