"අපරාධයට කලින් අපි අරක්කු ගෙනත් හොදට බිව්වා.. " වසර ගණනාවකට පෙර සමූහයක් අතින් ලිංගික හිංසනයට ලක්ව ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ ඇග හිරිවැටෙන සංවේදි කතාව...
දිනය 2015 මැයි මස 13 වැනිදාය. එදිනට පසු දින කයිට්ස් පොලීසියේ දුරකතනය නොනවත්වා නාද වන්නට වූයේ 119 හදිසි ඇමැතුම් අංශයෙන් ලැබුණු පණිවිඩයකිනි. ඒ පණිවිඩයෙන් කියවුණේ පුන්කුඩතිව් ආලඩි වල්ලව පාරේ තල් රුප්පාවක තරුණියක ඝාතනය කර ඇති බවයි.
පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ තල් රුප්පාවට ගොස් සොයාගත්තේ මහ පොළොව නූහුලන ආකාරයෙන් ඉතා අමානුෂිකව දූෂණය කොට මරා දමා තිබූ නිරුවත් තරුණියකගේ මළ සිරුරකි. මෙසේ මරාදමා තිබුණේ කයිට්ස් පුන්කුඩතිව් 10 වැනි කොටසේ පදිංචි පුන්කුඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ශිවයෝගානන්දන් විද්‍යා නමැති 18 හැවිරිදි දැරියයි.
මිය යන මොහොත වන විට ඇය සමූහ දූෂණයට ලක්ව ඇති අතර, අමානුෂික අන්දමේ වදහිංසා මඟින් මරණයට පත්ව ඇති බවට මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් විය. අහස පොලව නූහුලන අපරාධය පසුපස වූ අපරාධකරුවන් හා මහමොළකරු වූ ස්විස් කුමාර් යන අය අත්අඩංගුවට පත් වූයේ මේ මහා ඝාතනයේ ආනාවරණයන් රටට එළිවෙද්දීය. මරණයෙන් අවුරුදු 2කුත් මාස 4 විභාගය අවසන් වූ මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ අපරාධකරුවන්ට මරණ දණ්ඩනය නියම කරමිනි.
සැකකරුවන් එකා දෙන්නා අත්අඩංගුවට පත්වෙද්දී යාපනයේ විවිධාකාර හර්තාල් මතුවන්නට වූයේ විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට නිසි දඬුවම් පමුණුවන ලෙස බල කරමිනුයි. විද්‍යා ඝාතනය දඩමීමා කරගෙන නීතිය අතට ගත් අවස්ථාද විය. තවත් අය මෙය දෙමළ ඩයස්පෝරාවේ වුවමනා-එපාකම් මත සිදු වන්නක් බව අර්ථකථනය කළහ. විශේෂයෙන්ම මෙය නාවික හමුදාව හෝ ආරක්ෂක අංශයෙන් සිදු කළ එකක් බවට යම් යම් චෝදනා නඟන්නට වූයේද මෙම සැකකරුවන් විසින්මය.
එයට හේතු වූයේ ඝාතනය සිදු වූ ප්‍රදේශය ආසන්නයේම හමුදා කඳවුරක්ද පිහිටීමය. යම් යම් අවස්ථාවලදි උසාවියට පවා ගල් ගැසූ සිදුවීම් අසන්නට ලැබිණි. එසේම අල්ලස් මත මේ නඩුවේ කරුණු සඟවන්නට උත්සහ කළ පොලිස් නිලධාරීන්ට රොත්ත බුරුත පිටින්ම මාරුවීම් ලැබිණි.
මෙහි බලපතළම සිද්ධිය වූයේ මෙහි මහා මොළකරු මෙන්ම අපරාධකරු වූ ස්විස් කුමාර් නමැත්තා ජනතාව විසින්ම අපරාධකරු ලෙස හඳුනාගැනීමත් විදුලි කණුවක බැඳ පහර දීමත්ය. ඒ අවස්ථාවේ යාපනය ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලන කාන්තාවක පැමිණ ඔහු මුදාගෙන යෑමත් මේ වකවානුවේ කලබගෑනියකට තුඩුදුන් කාරණාවක් විය.
මේ අපරාධය සිදුකිරීමෙන් පසු මොහු වැල්ලවත්ත ප‍්‍රදේශයට ගොස් ඇත්තේ නැවතත් ස්විස්ටර්ලන්තයට පලායාමේ අදහසිනි.
‘‘විද්‍යා ඉස්කෝලේ යන්න පොත් බෑග් එකක් කරේ දාගෙන පාපැදියෙන් යද්දී අපි රැකලා ඉඳලා ඇය අල්ලාගත්තා. ඇය එපා එපා යැයි කියා කෑගැසූ නිසා කට තදකර ගත්තා. ඇය අපෙන් බේරී යන්න ලොකු උත්සාහයක් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. තල් ගස් රුප්පාවට අරගෙන ගිහින් අපි ඇයට ලිංගික අතවර කරන්න පටන් ගත්තා. කෑගහන්න බැරිවෙන්න යට කලිසම හොඳට තද වෙන්න කටට එබුවා. එතකොට කෑගැසීම නතර වුණා” යැයි සැකකරුවෝ පොලිසියට පාපොච්චාරණය කර ඇතැයි කියති.
තවත් අවස්ථාවක රුපියල් දෙකෝටියක මුදලක් වැය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක වරයකුගේද සහාය ලබාගනිමින් මේ නඩුවෙන් ගැලවෙන්නට නව වැනි විත්තිකරු හෙවත් ස්විස් කුමාර් උත්සාහ කර තිබිණි.
යම් යම් අවස්ථාවල මෙහි නීතිඥවරුන්ටත්, සැකකරුවන්ටත් විවිධ චෝදනා එල්ල වූ අවස්ථාද නැතුවාම නොවේ. මෙහි අවසන් උණුසුම් අවස්ථාව වූයේ යාපනයේ මහාධිකරණ විනිසුරු හා මේ නඩුවේ ත්‍රිපුද්ගල කමිටුවේ විනිසුරකු වන ඉලංගචේලියන් මහතා ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩි ප්‍රහාරයයි. මේ සියල්ල මෙසේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට පත් කර කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ රටට දැනෙන්නට විද්‍යාට සාධාරණයක් ඉටු කරන්නටය.
සිහිසුන්ව සිටියදී පවා මේ නරුමයින් ඇයට හිරිහැර කර ඇති බව සැකකරුවන් පොලිසියට පාපොච්චාරණය කර ඇති බව දැනගැනීමට ඇත.
‘‘කෙල්ල මැරිලා කියා අපට තේරුම් ගියා. ඇඳගෙන හිටිය ඇඳුම් ඇඟ උඩින් දාලා අපි එතැනින් යන්න ගියා. මේ අපරාධය කරන්න යන්න කළින් අපි අරක්කු ගෙනත් හොඳටම බිව්වා. ඊට පස්සෙ විද්‍යා හොයන්න ගමේ අය ගියා. ඒ විතරක් නෙවේ මරණගෙදර වැඩවලට පවා අපි කට්ටිය උදව් පදව් කළා. එහෙම කළේ අපි ගැන කාටවත් සැකයක් ඇති නොවෙන්න” යැයි ද සැකකරුවෝ පොලිසියට පාපොච්චාරණය කර ඇති බව පැවසේ.
සාක්ෂි විභාගයේදී විද්‍යා ඝාතන සිදුවීම සියැසින් දැක තිබූ පාසල් සිසුවකුගේ සාක්ෂිය අතිශයින් වැදගත් විය. මෙය ඇසින් දුටු එකම සාක්ෂියද එය විය. විද්‍යා සිසුවිය කෑගසන ශබ්දය මේ පාසල් සිසුවාට ඇසී ඇත්තේ සිය යහළුවන් සමඟ පාසලට යද්දී අතරමඟ වැටුණු තම සෙරෙප්පුව අහුලා ගැනීමට යෑමේදීය. කෙසේ වෙතත් මේ දරුවාගේ සාක්ෂි වේලාවන් හා මේ සිදුවීමේ වේලාවන්ද අපූරුවට ගැළපී ඇත්තේය.
දකුණු ආසියා රටවල දැරියන් හා තරුණියන් ලිංගික අපයෝජනයට කර ඒවා වීඩියෝ කරමින් අධික මිළකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා.
මෙම ඝාතනයේ 2, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා.
අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුණා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා."
" 2, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණය කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය කර තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා
මේ නඩු විභාගයෙන් අනතුරුව පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, ජෙයදරන් කෝකිලන්, මහාලිංගම් ශසිකුමාර් හෙවත් ස්විස් කුමාර්, පලනි රූපසිංහම් කුගදාසන් හා පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් යන නව දෙනකු විත්තිකරුවන් ලෙස නම් කර, අධිචෝදනා 41ක් ගොනු කරමින් යාපනය මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විද්‍යා ඝාතන නඩුව විභාගයට ගැනුණේ අගවිනිසුරුවරයාගේ විශේෂ නියෝගය පරිදිය.
ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹින් පිට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මේ නඩුවේ සභාපති වූ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් හා යාපන මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංගචේලියන් යන මහත්වරුන් ඉදිරියේ ය.
විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කර ඇත්තේ ඉතා සැලසුම්සහගතව බවත්, ස්විස් කුමාර් නම් වූ මෙහි ප්‍රධාන විත්තිකරු අන්තර්ජාතික මාෆියා කල්ලියක් සමඟ ඇති කරගත් ගිවිසුමක් අනුව දැරිය අපයෝජනයට ලක් කරන විඩියෝව විශාල මුදලකට විදේශයකට විකිණීමේ කුමන්ත්‍රනණයක් තිබී ඇති බවත් සාක්කිවලින් පෙනී ගොස් ඇත. මේ අනුව මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වශයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව හඳුන්වා ඇත.
මේ ඝාතනයේ 2,3,5 හා 6 විත්තිකරුවන් මාරුවෙන් මාරුවට සිසුවිය අපයෝජනයට ලක් කරන ආකාරය මෙහි සිටි 5 හා 6 යන විත්තිකරුවන් ටච් ෆෝන් එකකින් වීඩියෝ කර ඇතැයි වර්තා වෙයි. එම වීඩියෝව විමර්ෂණ සඳහා යොදාගැනීමට උත්සාහ ගෙන තිබුණද, ඒ වන විටත් මෙය විදේශිකයකු වෙත අලෙවි කර තිබී ඇත. හිටපු වැඩබලන නීතිපතිවරයකු පවා නඩු විභාගය ආරම්භයේදීම පවසා සිටියේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් දකුණු ආසායාවේ දැරියන් හා තරුණියන් අපයෝජනය කර, එම වීඩියෝ විකිණීමේ ජාවාරමට සම්බන්ධ අයකු බවයි.
නීතිපතිවරයා විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ පළමු විත්තිකරු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර හා හත්වැනි විත්තිකරු වන පලනි රූපසිංහම් කුගදාසන්ට එරෙහි වූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබූ හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. කෙසේ හෝ යහමින් සල්ලි විසි කරන්නට හැකියාව ඇති ස්විට්සර්ලන්තයේ අරක්කැමියකු වන ස්විස් කුමාර් මේ ඝාතනය ඉතා සැලසුම්සහගතව සිදු කළ බව විනිසුරන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටි අතර, විද්‍යා දැරිය පැහැරගැනීමට තැත් කිරීම, පැහැර ගැනීම, අපයෝජනය කිරීම, ඝාතනයට සැලසුම් කිරීම, ඝාතනයට අනුබල දීම් ඇතුළු චෝදනා 9කට ඉතිරි විත්තිකරුවන් 7 දෙනාම වැරැදිකරුවන් කළේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම සියලු දෙනාටම වසර 30 බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවමත් මරණ දණ්ඩනයත් නියම කළේ යාපනය මහාධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි පහන් හා විදුලි පංකා සියල්ල නිවා-දමමිනි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නම් කරන දිනයක මේ අපරාධකරුවන් සියලු දෙනා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මැරීමට නියමිතය. එපමණක් නොව, අගතියට පත් විද්‍යාගේ මව වන සරස්වතී මහත්මියට රුපියල් දස ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 70ක් ගෙවන්නටද විත්තිකරුවන් හට නියම වූයේ ඇය වෙනුවෙන් යම් සාධාරණයක් කරන්නටය. එහෙත් තවමත් දරු දුකින් වේදනාවට පත්ව සිටින විද්‍යාගේ මවට මේ කිසිවකින් පලක් නැත.ඇයට අවැසි ඇගේ විද්‍යාවමය.
“මගේ සැමියා ඔත්පළයි. දුව නැතිව නැති වුණදා ඉඳන් තාත්තාට කතා කරන්න බැහැ. දුව මතක් වෙනකොට පුතාට කලන්තේ හැදෙනවා. දුවගේ මිනිය ගෙදරට ගේනකොට මේ සැකකරුවන්ම තමයි ඇවිත් මගේ පුතාගේ හිත සැනසුවේ. කිසිදා දැක නැති ස්විස් කුමාරත් මළ ගෙදරට ආවා. මීටර් 20ක් විතර දුරින් මම මගේ දරුවගේ මළ සිරුර දැක්ක දවසේ සිට අපිට ජීවිතයක් නැති වුණා. මට මේ මිනීමරුවන්ගෙන් සත පහක් වත් එපා. මොකද මොනව දුන්නත් ආයිත් කවමදාවත් මට මගේ දුව ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වන කිසිම අම්මෙකුට මේ වගේ වේදනාවක් වෙන්න එපා.සාධාරණ තීන්දුවක් දුන් මේ විනිසුරුවරුන්ට මම පින් දෙනවා...“
විද්‍යාගේ මව සරස්වතී ශිවයෝගනාදන් මහත්මිය පවසයි. තීන්දුව ප්‍රකාශයට පත් කළ මොහොතේ මේ විත්තිකරුවන් සියල්ල හඬා වැටී ඇත්තේ තමන් මේ ඝාතනයට කිසි සේත් හවුල් නැත්තන් ලෙසය. ගෙඩි පිටින් සියල්ල ඔප්පු වී තිබෙද්දීත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ රහස් පොලීසිය විසින් බොරු චෝදනා දමමින් තමන් වැරුදිකරුවන් කර ඇති බවයි.
තමන්ටද දරු-මල්ලන් සහිත පවුල් තිබෙන බව ඔවුන්ට සිහි වන්නට වූයේ අහිංසක දැරියක වේදනාවෙන් මරණය කරා යවන අවස්ථාවේදී නොව කළ කම් පල දී තමන්ගේ මාරයා තමන් සොයා පැමිණි විටදීය. මේ බෞද්ධ රටේ මෙවැන්නවුන්ට ස්වභාව ධර්මයා විසින්ම දඬුවම් දෙන්නේය