මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කිරීමට සැලසුම් කර ඇති දිස්ත්‍රික්කය

By Sithumi Mar 17, 2023 04:37 PM GMT
Report

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර තිබෙනවා.

එම වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමග ද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්වුණා.

වෙසක් පුර්ව වැඩසටහන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වනවා.