අවුරුදු 50ක් පවතින විප්ලවීය බැටරියක් නිෂ්පාදනය කරයි..පාවිච්චි කරන්න පුලුවන් අංශ මෙන්න.

China World Technology
By Aruna Jan 20, 2024 07:27 AM GMT
Report

චීනයේ Beijing Betavolt New Energy Technology සමාගම විසින් වසර 50 ක ආයු කාලයක් සහිත විප්ලවීය න්‍යෂ්ටික බැටරියක් නිපදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

BV100 නම් මෙම බැටරිය මයික්‍රොවොට් 100 ක බලයක්, වෝල්ට් 03 ක වෝල්ටීයතාවයක් සහ ඝන මිලිමීටර් 15×15×5 ක විශාලත්වයකින් යුක්ත වන අතර එය කාසියකට වඩා කුඩා බවයි එය නිෂ්පාදිත සමාගම පවසන්නේ.

අවුරුදු 50ක් පවතින විප්ලවීය බැටරියක් නිෂ්පාදනය කරයි..පාවිච්චි කරන්න පුලුවන් අංශ මෙන්න. | Very Special Battery Product

-60 C සිට 120 C දක්වා උෂ්ණත්ව පරාසයක් තුළ ක්‍රියා කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වක් වේ.

මෙම න්‍යෂ්ටික බැටරි නැවත ආරෝපණය කිරීම හෝ නඩත්තු කිරීමකින් තොරව වසර 50 ක් සඳහා ස්ථාවර බලශක්ති උත්පාදනයක් ලබා ගත හැකි බවයි, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Zhang Wei අවධාරණය කර සිටින්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, මෙම බැටරි මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසු එය අභ්‍යවකාශ මෙහෙයුම්, කෘතිම බුද්ධි උපාංග, වෛද්‍ය උපකරණ, ක්ෂුද්‍ර විද්‍යුත් යාන්ත්‍රික පද්ධති, සංවේදක, කුඩා ඩ්‍රෝ සහ ක්ෂුද්‍ර රොබෝවරුන්ගේ දිගුකාලීන බල සැපයුම් අවශ්‍යතා සපුරාලනු ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

අවුරුදු 50ක් පවතින විප්ලවීය බැටරියක් නිෂ්පාදනය කරයි..පාවිච්චි කරන්න පුලුවන් අංශ මෙන්න. | Very Special Battery Product