එළවළු මිල අහස උසට නගී..වැඩි වූ මිල ගණන් මෙන්න
ඉන්ධන අර්බුධය හේතුවෙන් එලවළු ප්‍රවාහනයට ඉන්ධන නිකුත් නොකිරිම හමුවේ දේශිය වෙලදපොලේ එලවළු මිල යලිත් අධික ලෙස ඉහල ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ මැනිං වෙලදපොල ඇතුළු දිවයිනේ විවිධ ආර්ථික මධ්‍යස්ථාන සහ සංචාරක හෝටල් වලට අවශ්‍ය එලවළු තොග ප්‍රවාහනය කිරිමට නොහැකි විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවත්, පවත්නා තත්ත්වය මත නුවරඑලිය එලවළු ගොවින්ගේ අස්වැන්න අලෙවි කරගත නොහැකිව වගා භුමි වලම තිබිම නිසා පවතින අයහපත් කාලගුණයත් සමග එලවළු විනාශ විමේ අවධානමකට ලක් වි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
පවතින එලවළු හිගය හේතුවෙන් දේශිය වෙලදපොලේ නයි මිරිස් කිලෝවක් රු 1600 , අමු මිරිස් රු 1200 , දේශිල අර්තාපල් රු 550 , මාළු මිරිස් රු 850 , කරවිල් රු 600 , බෝංචි රු 500 , කැරට් රු 400 , වැටකොළු රු 370 , නොකොල් රු 320 , තක්කාලි රු 320 , ගෝවා රු 360 , ලික්ස් රු 280 , බිට්රුඩ් රු 360 , බණ්ඩක්කා රු 360 , රාබු රු 160 ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
පවතින අධික ඉහල එලවළු මිල හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ එලවළු සිල්ලර වෙලදුන් කියා සිටියේ.