ඩොලර් බිලියන 1ක මූල්‍ය වංචාවේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව මෙන්න

CID - Sri Lanka Police Sri Lanka Magistrate Court Sri Lanka Banks Sinhala news FCID - Financial Crimes Investigation Division
By R.rishma Aug 17, 2026 03:02 PM GMT
Report

 අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන විසින් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් විදේශයන් වෙත යැවීමේ සිද්ධියකට අදාලව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික වාණිජ බැංකු 4ක කළමනාකරුවන් සිව් දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. 

සිද්ධියට අදාල සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය තහවුරු කළේය.