කවුරුත් පුදුම කරමින් වැසිකිලි වලකින් මතුවූ දේ

Sri Lanka Army Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 06, 2022 03:53 AM GMT
Report

වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේදී වැසියෙකු වැසිකිලි වලක් නැවත හෑරීමේදී එහි තිබී බෝම්බ 3 ක්  (04) සවස සොයාගත් බවට නෙලුකුලම් පොලීසිය පවසයි.

අදාල නිවැසියා අතහැර දමා තිබූ වැසිකිලි වලක් නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා හාරමින් සිටියදී මෙම බෝම්බ මතුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව නෙලුක්කුලම් පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ වැඩිදුර සිදුකරන ලද කැනීමකිදී බෝම්බ වර්ග 03 ක් හමු වී ඇත. එහිදී මිලිමීටර් 60 මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බයක් සහ පුද්ගල නාශක බිම්බෝම්බයක් තිබී හමු වී ඇත.

සොයාගත් බෝම්බ සියල්ලක්ම දැඩිලෙසින් අබලන් වී තිබූ අතර යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් විසින් මතු ප්‍රයෝජනයට මෙම ස්ථානයේ බෝම්බ දමන්නට ඇති බවටද පොලීසිය සැකපල කර සිටියි.

සොයාගත් බෝම්බ අධිකරණ නියෝගයකට අනුව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද නෙලුකුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now