වාහන භාවිතය සීමා කරමින් නව චක‍්‍රලේඛයක් නිකුත් කෙරේ...නව මාර්ගෝපදේශ මාලාවක්.

Sri Lanka Vehicles New gazette
By Aruna Feb 20, 2022 05:45 AM GMT
Report

රජයේ වාහන සඳහා ඉන්ධන භාවිතා කිරීමට අදාල නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන වලට ඉන්ධන භාවිතා නොකරන ලෙස ද උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම පිට පළාත්වල සිට සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා රජයේ වාහන භාවිතා කරන නිලධාරීන් කොළඹට කැඳවීම දැනටමත් සීමා කර ඇතැයි ද ලේකම්වරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now