සුපිරි වාහන වෙන්දේසියට සිදුවූ දේ මෙන්න..
ආනයන සීමා පැනවීමෙන් පසුත් වාහන ගෙන්වලා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුපිරි වර්ගයේ වාහන වෙන්දේසිය තාවකාලිකව නතර කළ බව ශ්‍රී ලංකාව රේගුව පවසයි.
ලිපි ලේඛනවල වැරදි හා අඩුපාඩු විගණනය විසින් පෙන්වා දීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ප්‍රකාශ කළේ එම ලිපි ලේඛන යාවත්කාලීන කිරීමෙන් පසු වෙන්දේසිය පවත්වන බවයි.
හිමිකරුවන් නොමැති මෙම සුපිරි වාහනවල කොටස්ද අතුරුදන්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වෙන්දේසිය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබිණි.
එහෙත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත වෙන්දේසිය එදින උදෑසන නතර කරන ලදී.
මෙම වාහනවලින් කිහිපයක් ගෙන්වා ඇත්තේ වාහන ආනයන සීමා පැනවීමෙන් පසුව බවද අනාවරණය වී ඇත.
වාහන ලොව විවිධ රටවලින් ආනයනය කර තිබේ.
ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි මෝටර් රථය එංගලන්තයෙන්ද, ලැම්බෝගිනි මෝටර් රථය කුවෙට්, රොල්ත් රොයිස් මෝටර් රථය කුවෙට්, බෙන්ස් මෝටර් රථය ජර්මනිය, හැමර් ජීප් රථය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ජගුවර් ජීප් රථය කුවෙට් රාජ්‍යයෙන්ද මෙරටට ආනයනය කර ඇත.
මෙම වෙන්දේසියේදී තැන්පතු මුදලක් තැබිය යුතු අතර වටිනාකම රුපියල් මිලියන පහළොවට වැඩිනම් රුපියල් මිලියනයක තැන්පත් මුදලක් තැබිය යුතු බවද ශ්‍රී ලංකා රේගුව දැනුම් දී ඇත.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහනවල සැකිල්ල පමණක් විවිධ රටවලින් ව්‍යාජ නම්වලින් ආනයනය කරන බවයි.
එම වාහනවල අනෙකුත් අමතර කොටස් විවිධ මාර්ග ඔස්සේ මෙරටට ආනයනය කර රේගු වෙන්දේසියේදී මිලදී ගෙන යළි මෝටර් රථය සකස් කර අලෙවි කරන බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |