වාහන පාවිච්චි කරන අයට රතු එළියක්..කොටස් මිල 300%කින් ඉහළ යයි..

Sri Lanka Electric Vehicle Businessman
By Aruna Feb 24, 2023 03:59 AM GMT
Report

වෙළඳපෙළේ වාහන අමතර කොටස් මිළ සියයට 300 අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වෙළඳපල ආරංචි මාර්ග පවසනවා.

පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ, ප්‍රධාන වශයෙන් බැටරි, ආලෝක ලාම්පු, කණ්නාඩි, වාහන තහඩු සහ එන්ජින් ඇතුළු වාහන අමතර කොටස් වල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, වෙළඳපළේ වාහන අමතර කොටස් හිඟයක් පවතින බවට ද වාර්තා වනවා.

අමතර කොටස් ආනයනකරුවන්, චෝදනා කරන්නේ ආනයනය කිරීමේ දී ඇතැම් මුල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරිම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බාධා එල්ල වී ඇති බවයි.

එවන් පසුබිමක පසුගිය වසර 05 තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ වාහන සියයකට පමණ යෙදිය හැකි අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී පසුගිය දා විනාශ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු ආදායම් අධීක්ෂණ බලකායේ අධ්‍යක්ෂක ඩී.බී.එම් සමරතුංග කියා සිටියේ, එම අමතර කොටස් වෙළඳපළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවධානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now