වාහනවල මිල අඩු කරල ලංකාවට වාහන ගේන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්...කාගේත් හීන සැබෑ වෙයි?

Sri Lanka Business Ajithi niwad kabral Indika Sampath Vehicles market World vehicles market Indian alto Sri Lanka nishan car
By Aruna Feb 17, 2022 11:31 PM GMT
Report

ශ්‍රී ලංකාවේ වාහන වෙළෙද පොළට වාහනය ආනයනය නතර කර මේ වන විට වසර දෙකක කාලයක් ගතවී ඇත.

2020 මාර්තු මස මෝටර් රථ ආනයනය නතර කිරීමත් සමගම මෙරට තුළ පවතින , භාවිතා වන මෝටර් රථවල මිල අහස උසට මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ආනයනය නතර කිරීමට පෙර මෙරටට වසරකදි ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්න වේ.

ඉතිං නැවතත් ලංකාවට වාහන ආනයනය කරන්න ලැබෙන්නේ කවදා දැයි පාරිභෝගික ජනතාව තවදුරටත් මග බලා සිටියි.

ඒ පිළිබදව අප මහ බැංකු අධිපතිතුමන්ගෙන් සහ වාහන ආනයනකරුවන්ගේ කළ විමසීමයි මේ…..

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්….

දියුණු රටවල් පවා අවුරුදු 10ක් පරණ වාහන ගේද්දි අද අපේ රටේ තියෙන්නේ අවුරුදු 3යි.

අපිට 7 කෙ‌රුවොත් 70%ක් විතර අඩුවෙන් ගන්න පුළුවන්.

විදේශ රටවල්වල ගොඩක් අය ඉන්නවා මේ ඩොලර් එක 203ට තියලා තියෙන නිසා ඉදිරියේදී ඒක ගණන් යයි කියලා ඒක පාවිච්චි කරන්නේ නෑ.

අපි යෝජනාවක් දුන්නා අපේ මේ බැංකු පද්ධතිය අපේ මුදල් සංචිතවල කිසිම අදාළත්වයක් නැතිව වෙනත් රටවල් ඒ වගේ මුදල් අඩු ප්‍රමාණයේ වාහන වලට මුදල් ගෙවලා, බදු මුදල් ලංකාවටත් එවලා ඒ වගේ ක්‍රමයකින් නැවත ලංකාව පණගන්න.

මේ හැංගිච්ච මුදල් තමයි මේ එළියට එන්නේ. එතනින් එහාට ලොකු බදු මුදල් ප්‍රමාණයක් ලංකාවට එනවා.

ඒ වගේම තමයි මේ වගේ යම්කිසි ප්‍රමාණයේ වාහන ගෙන ඒමට ඉඩ දුන්නොත් මේ තියෙන වෙළෙද පොලේ අනිසි මිල ගණන් පල්ලහාට යනවා.

ඉතිං මේක කරන්න පුළුවන්. අඩුම ගානේ අපිව ගෙන්වගෙන මේ ගැන සාකච්ඡා කරන්න…

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්….

අපි වාහන ආනයනය නතර කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී යම්කිසි විදේශ විනිමයේ තියෙන පීඩනයක් නිසා.

ඒ පීඩනය තිබෙන්නේ විශේෂයෙන්ම සංචාර ක්ෂේත්‍රයෙන් අපිට ලැබුන මුදල අඩුවීම නිසා.

ආර්ථික තත්ත්වය යහපත් අතට ආවට පස්සේ අපිට වාහන ආනයනය කිරීම පිළිබදව තීරණයක් ගන්න පුළුවන්.

මේ අතර ශ්‍රී ලංකාවේ වාහන වෙළඳ පොලෙහි ඇතිවී තිබෙන මෙම ව්‍යාකූල තත්ත්වය නිසා වාහන මිල දෙගුණ තෙගුන වී තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ජනතාවට මිලදී ගැනීමට හැකි මට්ටමේ පැවති ඉන්දීය සුසුකි ඇල්ටෝ මෝටර් රථයෙහි මිල මේ වන විට රුපියල් ලක්ෂ 40ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම භාවිතා කරන ලද සුසුකි වැගන් ආර් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 60 ඉක්මවා ගොස් තිබේ.

මෙවැනි පසුබිමක ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිලෙහි ද අඩුවක් නොමැත.

ලංකාව තුළ වැඩිවශයෙන් භාවිතා වන නිශාන් ලීෆ් මෝටර් රථයක මිල ලක්ෂ 25ත් 30ත් අතර මිල ගණන් වලට අලෙවි වේ.

කෙසේ වෙතත් වාහන ආනයනයකරුවන් සදහන් කරන්නේ වාහන ආනයනය කරන තෙක් මෙරට තුළ භාවිතා කළ මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

සුසුකී ඇල්ටෝ – රුපියල් ලක්ෂ 35ත් 40ත් අතර

සුසුකී වැගන් ආර් – රුපියල් ලක්ෂ 55ත් 60ත් අතර

ටොයෝටා විට්ස් – රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර

ටොයෝටා ප්‍රිමියෝ – රුපියල් කෝටි 1.5ත් – කෝටි 2ත් අතර

ටොයෝටා කොරොල්ලා – රුපියල් ලක්ෂ 50ත් 55ත් අතර

ටොයෝටා ඇක්වා – රුපියල් ලක්ෂ 60ත් 65ත් අතර

මයික්‍රෝ පැන්ඩා – රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර

ටොයෝටා ඇලියන් – රුපියල් ලක්ෂ 75ත් 80ත් අතර

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now