ලංකාවේ වාහන අලෙවියට සිදුවූ දේ මෙන්න..මිල ගණන් පහත යයි?..

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Feb 04, 2024 12:49 AM GMT
Report

පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් ෙපෙන්වා දෙනු ලබයි.

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇති බවයි එම වාර්තා මගින් හෙළිදරව් වන්නේ.

ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව ඇති බවද එහි සඳහන් වෙයි.

වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක්ද පහුගිය වසර කීපයකදී විකුණා දමා තිබෙන බවයි පැවසෙන්නේ.

වාහන වෙළඳපළේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ආර්ථික ගැටළු හේතුවෙන් වාහන මිලදී ගැනීම ද සියයට අසූවකින් පමණ පහත බැස ඇති බවයි.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාල වාහන ද ගොවිතැනට සම්බන්ධ වාහන ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකේදී විකුණා දමා තිබේ.

කෙසේවෙතත් මෙලෙස වාහන මිල අධික ලෙස ඉහළ යෑමත් මෙම කාරණා වලට හේතුවක් වේ.

නමුත් මෙවන් තත්ත්වයක් තුළ ඉදිරියේදී වාහන මිල පහළ යනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

Sponsored By Sarrita Jewellery

ලංකාවේ වාහන අලෙවියට සිදුවූ දේ මෙන්න..මිල ගණන් පහත යයි?.. | Vehicles Market