සිහින බොදවෙයිද..? වාහන ආනයනය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්..!

Bandula Gunawardane Sri Lanka Economic Crisis Department of Motor Vehicles vehicle imports sri lanka
By Sewvandhi Feb 06, 2024 03:27 PM GMT
Report

කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ, පවතින ආර්ථික අර්බුදය මත මෝටර් රථ ආනයනය කලකට සිදු කිරීමට හැකියාව නොලැබෙනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයන නීති ලිහිල් කළ යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂමව බවයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

"..මේ තිබෙන විදේශ විනිමය අර්බුදය තුළ අදියරගතව, ඉතාම සැලසුම් සහගතව, සූක්ෂම ලෙස තමයි ආනයන පාලන නීති ලිහිල් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොටර් රථ වාහන යනාදිය ආනයනය කරන්න තව කාලයකට පුළුවන්කම ලැබෙයි කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ.."