වාහන ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..ලබන සතියේ සිට ගේන්න අවසර..
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Electric Vehicle
Businessman
Department of Motor Vehicles
By Aruna
පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වීමට හැකියාවක් පවතින බවයි මූල්‍ය විශ්ලේෂකයන් පවසා සිටින්නේ.
වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් වරක් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුන් අවධාරණය කරයි.