තව මාස 02 කින් වාහන ආනයනයට කුමක් වෙයි ද?.වහාම තීරණයක් ගනී..

Sri Lanka Cabinet Government Of Sri Lanka Electric Vehicle Businessman Department of Motor Vehicles
By Aruna Jul 16, 2023 03:54 AM GMT
Report

සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

රජය තීරණය කළේ, පැවති ඩොලර් අර්බුදය හමුවේ මීට පෙර භාණ්ඩ 1100 කට වැඩි ප්‍රමාණයක් ආනයනය තහනම් කිරීමටයි.

කෙසේ වෙතත් අර්බුදය සමනය වීමත් සමඟ පසුගියදා භාණ්ඩ 300 ක පමණ ආනයනය සීමා ඉවත් කිරීමට පියවර ගැනුණා.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට වාහන හැර තවදුරටත් ඉතිරිව ඇති භාණ්ඩ 900 කට ආසන්න ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට සැළසුම් කර ඇති බවයි.

රජය මෙම තීන්දුවට එළඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි.