වාහන යලි ආනයනය ගැන සුබ ආරංචියක්..ජපන් වාහන මෙරටට ගෙන්නන්න යයි..
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
Electric Vehicle
Department of Motor Vehicles
By Aruna
ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක දී කොළඹ පැවති උත්සවයකදී අදහස් පළකර තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |