වාහන අමතර කොටස් මිල 300%කින් ඉහලට - මෝටර් රථයක සර්විස් ගාස්තු 25,000/=...අහස උසට නැග්ග අසාමාන්‍ය මිල ගණන්
Sri Lanka Economic Crisis
Sri Lanka
Electric Vehicle
Sri Lanka Fuel Crisis
By Sewvandhi
වාහන අමතර කොටස් අලෙවි නියෝජිතයන් පවසන පරිදි වෙළඳපොලේ වාහන අමතර කොටස් 300% කට වඩා ඉහළ අගයකින් ඉහල ගොස් ඇත.
එනම්,වාහන අමතර කොටස් ගෙන්වීමේදී ඇති වන ගැටළු, මුදල් හා අපහසුතා හේතුවෙන් මෙලෙස මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
මේ අතර, සියලුම වාහන සඳහා අවශ්‍ය වන ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු සියලු අමතර කොටස් දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිගය මත රථ වාහන නඩත්තු කිරීමට ද නොහැකි වී ඇත.
මේ දිනවල සාමාන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක නියමිත පුර්ණ සේවා කටයුත්තක් සඳහා රුපියල් 25000ක පමණක් මුදලක් වැයවන බව ද ඔවුන් කියා සිටිති.
එය වංචනික ක්‍රියාවක් නොව රටේ පවතින ආර්ථික දුර්වලතාවය මත සිදුවන දෙයක් බවද ඔවුන් පෙන්වා දෙති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |