වාහන අමතර කොටස් වලට වැට් බද්දෙන් සිදුවූ දේ - මිල අහස උසට යයි..

Sri Lanka Economic Crisis Financial crisis Businessman Income Tax Department vehicle imports sri lanka
By Sewvandhi Dec 15, 2023 03:27 PM GMT
Report

වාහන අමතර කොටස් අලවිකරුවන් පවසන්නේ, 18% දක්වා වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් වාහන අමතර කොටස් ගාස්තු රුපියල් 300-600 අතර මිලකින් ඉහළ යනු ඇතිබවයි.

වෙලදුන් පවසන්නේ, වැට් බදු වැඩි කිරීම ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූන ද සැපයුම් කරුවන් දැනටම ඇතැම් වාහන අමතර කොටස් නිකුත් කරනුයේ වැඩි මිලකට බවයි.

එම ඇතැම් අමතර කොටස් පසුගිය මාසයේ පැවති මිලට වඩා රුපියල් 30-40 අතර මිල ඉහළ යාමක් තිබේ. වෙළදුන් ප්‍රකාශ කරන්නේ, ලබන මාසයේ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ තමන් ඇතුළු සියලු පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්වන බවයි.

වාහන අමතර කොටස් වලට වැට් බද්දෙන් සිදුවූ දේ - මිල අහස උසට යයි.. | Vehicle Spare Parts Price Change Sri Lanka

මේ අතර ඉතා දුෂ්කර ප්‍රදේශ වල පවතින ඇතැම් ගරාජ වැසි යන තත්වයට පත්ව ඇතිබව ගරාජ හිමිකරුවන් සදහන් කරයි. වාහන අමතර කොටස් මිල අධික වීම සහ අධික ජීවන බර හේතුවෙන් බොහෝ රථවාහන නියමිත කාලයේදී අලුත්වැඩියා නොකිරීම ඊට හේතුවී තිබේ.

ඒ හේතුවෙන් ඇතැම් රථවාහන ධාවනයට නුසුදුසු මට්ටමේ පවතියි. ඒ හේතුවෙන් අනතුරු සිදුවීමට ද හැකි බව ගරාජ හිමියන් වැඩිදුරටත් පවසයි.